සංචාරක සමයේ ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව සැපයීමට කටයුතු

එලඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිලිවෙලක් සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ  අමාත්‍යාංශයෙන් අද (02)  පැවැති සාකච්ඡාවක දීය. 

ඒ අනුව මේ වන විට ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික්. ටොන් 5600 කටුනායක ගුවන් තොටුපල ගබඩා සංකීර්ණයේ ගබඩා කර ඇති බවත්, කොලොන්නාව පර්යන්තයේ මෙට්ට්‍රික්. ටොන් 5575 ක් ඇති බවත්, ඒ අනුව ඉදිරි දින 17 ක් සඳහා ගුවන් යානා ඉන්ධන ශ්‍රී ලංකාව තුල ඇති බව සකච්චාවට සහභාගි වූ ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් පැවසීය.

මෙයට අමතරව ගුවන්යානා ඉන්ධන මෙට්ට්‍රික්. ටොන් 30000 ක් රැගත් නැවක් වරායට පැමිණි අතර එම ඉන්ධන තොග අද දින සිට ගොඩ බෑමට කටයුතු කරන අතර ඉන් අනතුරුව තවත් දින 65 කට පමණ ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන ලබා දිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් පෙන්වා දෙන ලදී.

දෙසැම්බර් මාසය තුලදී සංචාරකයින් හා මගීන් රැගත් ගුවන් යානා පැමීණීම වැඩි වන බව පුරෝකථනය කර ඇති බැවින් තවත් ඉන්ධන තොග ප්‍රමාණයක් ගෙන ඒම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අනුමත කර ගන්නා ලද සංශෝධිත ඛනිජතෙල් පනත අනුව ගුවන්යානා ඉන්ධන සහ ඛනිජතෙල් වෙළදාම පෞද්ගලික අංශයට විවෘත කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කොලඹ වරාය තුල පෞද්ගලික අංශයට තෙල් ගබඩා කිරීම සඳහා ආයෝජනය කිරීමේ පහසුකම් ලබා දීමේ ක්‍රියාවලිය වරාය අධීකාරිය විසින් දියත් කර ඇති බවත් ඒ සඳහා පැමිණෙන ආයෝජකයින් හට අවශ්‍ය අනුමැතිය හා පහසුකම් සලසා දෙන ලෙස සාකච්චාවට පැමිණී සිටි ඛනිජතෙල් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කල අතර ඒ සඳහා පනතේ ප්‍රතිපාදන අනුව අවශ්‍ය කටයුතු මෙම සාකච්චාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු ගුවන් තොටුපළ සමාගමේ නිළදාරින්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සහ ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ නිලධාරින් පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published.