රාජගිරියේ පාරක් වසාදැමේ

රාජගිරිය ප්‍රදේශයේ මාර්ගයක් තාවකාලිකව වසාදැමීම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අද (30) සවස 5 සිට ලබන 04 වනදා අලුයම 5 දක්වා කාලසීමාව තුළ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, මැද වැලිකඩ හන්දියේ සිට මාදින්නාගොඩ හන්දිය දක්වා කොටස එලෙස තාවකාලිකව වසාදැමෙන බවය.

ඒ, ජලනළ එළීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමය පියවර ගෙන ඇති බැවිනි.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ රාජගිරිය පාරේ මැද වැලිකඩ හන්දිය, මොරගස්මුල්ල හන්දිය සහ මාදින්නාගොඩ හන්දියෙන් මාර්ගය වසා තැබෙනු ඇති.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published.