අග්බෝ හස්තියා යළිත් වරක් වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවට මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ පුවතක් පලවේ.
මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිදුකළ සොයා බැලීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා පවසා සිටියේ” මෙතෙක් එවැනි නිල තොරතුරක් වාර්තා නොවූ බවය.
අවසන්වරට අග්බෝ පසුගිය සිකුරාදා (16) තිරප්පනේ ප්රදේශයේ සැරිසැරූ බවට වනජීවී නිලධාරීන් දැක ඇති අතර, ඒ අවස්ථාවේදී හස්තියා එවැනි වෙඩි ප්රහාරයකට ලක්ව සිට බවට නිරීක්ෂණය නොවූ බව පැවසීය.
කෙසේ නමුත් පළවන පුවත සම්බන්ධයෙන් සොයාබැලීම තිරප්පනේ ප්රදේශයේ සේවයේ නියුතු වනජීවී නිලධාරී කණ්ඩායමක් යෙදවා බව හෙතෙම සඳහන් කළේය.
බඳින තුවක්කුවකට හසු වීමෙන් මෙම හස්තියා කලක සිට ඉදිරිපස වම් පාදයේ තුවාල විඳිමින් සිටි අතර, මාස 7ක් පුරා දිගින් දිගටම සිදුකළ වෛද්ය ප්රතිකාර යම් සුවයක් ලැබීය.
විශාල ප්රමාණයේ දිගු දළ යුගලක් සහිත අග්බෝ අඩි 10ක් පමණ උසැති හස්තියෙක්ය.


