ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියනයක ඩිජිටල් තාක්ෂණ වර්ධනයක්

ඉන්දියාවේ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ අගය වසර 2025 වන විට අමෙරිකා ඩොලර් ට්‍රිලියනය ඉක්මවනු ඇතැයි එරට අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව රටවල් පහ ඇතුළත් ‘බ්‍රික්ස්‘ සන්ධානයේ පසුගියදා පැවැති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

චීනයේ සත්කාරකත්වයෙන් පසුගියදා පැවැති බ්‍රික්ස් සමුළුවේදී පශ්චාත් කොවිඩ් ප්‍රතිසාධන පිළිබඳ ගෝලීය අවධානය යොමු කළ යුතු බවත්, සෑම ක්ෂේත්‍රයකින්ම නව්‍යකරණයට ඉන්දියාව සහය දක්වන බවත් මෝදි වැඩිදුරටත් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඩ්‍රෝන යානා, හරිත බලශක්තිය සහ අභ්‍යවකාශය ඇතුළුව සෑම ක්ෂේත්‍රයකම නවෝත්පාදනයට ඉන්දියාව උපරිම දායකත්වය සපයන බව සඳහන් කර ඇති ඉන්දීය අගමැතිවරයා ඊට සමගාමීව මේ වසරේදි 7.5%ක වර්ධනයක් අපේක්ෂා කරන බව ද අවධාරණය කර තිබේ. ඩිජිටල් තාක්ෂණය ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධානතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි ද අගමැතිවරයා විශ්වාසය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.