තවත් සැකකරුවන් 32ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමට සමඟාමී ව කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වල දී සැකකරුවන් 32ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධ ව සිදු කළ නිවාස පරීක්ෂාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකපිට 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතු ව තිබී හෙරොයින් ග්‍රෑම් 02ක් සහ අයිස් ග්‍රෑම් 05ක් සොයා ගත් බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.