දුම්රිය දෙකක ගැටී දෙදෙනෙක් මරුට

හබරාදූව, මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරුපැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ගැටී ඊයේ (24) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පසුපැදිකරු එම ස්ථානයේම මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පැදිකරු බරපතළ තුවාල ලබා මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් පසුවෙයි.

මේ අතර පේරාදෙණිය රජවත්ත විශ්වවිද්‍යාල සමූපකාරය අසල දුම්රිය හරස් මාර්ගය අසලදී ද පේරාදෙණිය සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ඊයේ මියගොස් ඇත.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ. 

මරණකරු වයස අවුරුදු 49ක් වූ මහනුවර ඕගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published.