ලොහාන් රත්වත්තේට අයත් බව කියන රථයක් අනතුරකට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිපෙන්ඩර් රථයක් ඊයේ (25) අනතුරකට ලක්ව තිබේ.

වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් පසු ප්‍රදේශවාසීන් සහ ඩිපෙන්ඩර් රථයේ පැමිණි පිරිස අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එහිදී දෙපිරිස අතර ගැටුමක්ද හටගත් බව වාර්තා වේ.

එමෙන්ම එම රථය තුළ ආයුධ කිහිපයක් තිබූ බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published.