මහ පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවකු වන පැට්රික් ඉම්මානුවේල් නිශාන්තන් නමැති පුද්ගලයාට අයත් රුපියල් කෝටි 7ක පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් තහනම් කර තිබේ.
ඒ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයේ ඒකක අංක 5 විසිනි.
එම පුද්ගලයා දිවයිනේ ප්රදේශ රැසකට කේරල ගංජා ප්රවාහනය කරන ප්රධානතම පුද්ගලයා බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.
එමෙන්ම යාපනයේ මත්ද්රව්ය ජාවාරම්කරුවකුගේ දේපොළ තහනම් කළ පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.


