කෙසෙල්වත්තේ ඉන්දිකගේ බඩු ගල්කිස්සෙන් අල්ලයි

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්තේ ඉන්දික නැමැත්තා විසින් දෙහිවල ප්‍රදේශයේ මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සුලු මුල හෙළි කරගනිමින් රුපියල් කෝටි 02 කට ආසන්න වටිනාකමකින් යුත් ඈෂ්, කුෂ්, මැන්ඩි, මත්පෙති හා තියුණු කඩු දෙකක්, වායු පිස්තෝලයක් මෙන්ම මත් මුද්දර තොගයක් සමග 29 හැවිරිදි සැකකරුවකු ගල්කිස්සදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි..

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන වලදී සඟවා තිබූ ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 349ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25, මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30, ඩාන්සින් ටැබ්ලට් හෙවත් මත්පෙති 320, මත් මුද්දර 129, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා යොදා ගනු ලබන කඩදාසි සහ මෙවලම්ල වායු පිස්තෝලයක් හා කඩු දෙකක්ල නවීන පන්නයේ මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය කියා සිටී,

බන්ධනාගාරය තුළ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරමේ නායකයා සමඟ දුරකථන සබඳතා පැවැත්වු ජංගම දුරකථන කීපයක්ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කොළඹල වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙසෙල්වත්තේ ඉන්දික නැමැත්තා විසින් බන්ධනාගාරය තුළ සිට මෙහෙයවා ඇතිි බවට අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ මූලික විමර්ශන වලදීත් අනාවරණය කර ගැනීමට හැකිවූූ බවද විශේෂ කාර්ය බළකාය පවසයි.

Leave a Reply

Your email address will not be published.