අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා ඇප මත නිදහස් කර තිබේ.
මත්තල ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේදී ගිනිඅවියක් සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර හිටපු සභාපතිවරයාව අද (22) හම්බන්තොට දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.