අධිකරණයට භාරවූ වැඩබලන OICට ඇප

අද (04) උදෑසන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබේ.

ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. 

වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට බාරවී තිබුණි.

සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර හෙට (05) දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published.