වැසිකිළි වළකට වැටි සිඟිත්තියක් මියයයි

පුත්තලම, වෛරන්කට්ටුව ප්‍රදේශයේ නිවසක අනාරක්ෂිතව ඉදිකර තිබු වැසිකිළි වළකට වැටි සිඟිත්තියක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස දෙකක් වයසැති දිනුකි හන්සිමා නමැති දැරියකි.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මෙම අනතුරු සිදුව ඇති බවය. 

මෙම සිඟිත්තිය සිය වැඩිමල් සහෝදරිය සහ සහෝදරයා සමඟ නිවස තුල සෙල්ලම් කරමින් සිටි අතරවාරයේ මව නිවස අසල පිහිටි වැසිකිළියට ගොස් ඇත.

එය දුටු සිඟිත්තිය මව පසුපස ගොස් ඇති අතර එහිදී ඇය අනාරාක්ෂිතව ඉදිකර තිබු වැසිකිළි වළට වැටි ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මද වේලාවකට පසුව සිඟිත්තිය නිවසේ නොමැති බව දැන මව අසල්වසින්ගේ ද සහාය ඇතිව තම කුඩා දියණිය සොයා ඇති අතර එහිදී සිඟිත්තිය වැසිකිළි වළට වැටි ඇති බව දැක ඇත. 

ඔවුන් පදිංචිව සිටින නිවසට අඩි 3ක පමණ දුරින් මෙම අනාරක්ෂිත වැසිකිළි වළ පිහිටා ඇති අතර පසුගිය දින කීපයේ පැවති වර්ෂාව හේතුවෙන් එම වල ජලයෙන් පිරී තිබු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

පවතින ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙම පවුලට නිවස සහ වැසිකිළිය නිසි ලෙස සදා ගැනීමට නොහැකි වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

Leave a Reply

Your email address will not be published.