කූඨ ලේඛන සකස් කර සකසන ලද ජීප් රථයක් දැරණියගල ප්‍රදේශයේ සඟවා තිබියදී අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ සමග අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදි තහවුරු වී ඇත්තේ අදාළ සැකකරුවන් විසින් ජීප් රථයට අදාළ කොටස් ගෙන්වා එකලස් කර ව්‍යාජ චැසි අංක, ඇන්ජින් අංක සහ ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් මෙම ජීප් රථය එකලස් කර ඇති බවය.
මෙම ජීපි රථය යම් අපරාධයක් සිදුකර ඇත්දැයි බැලීම සඳහා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධව අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.