දෙවුන්දර දී වෙඩිතබා ඝාතනය කළ පසිඳුගේ අවසන් කටයුතු අද

දෙවුන්දර දී වෙඩිතබා ඝාතනය කරන ලද තරුණයින් දෙදෙනාගෙන් පසිඳු තාරකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) සිදුකිරීමට නියමිතව තිබේ.

පසිඳු තාරක ඝාතනයට ලක්වන අවස්ථාවේදී ඔහුගේ පියා ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් තිබූ අතර, පියා යළි ගොඩබිමට පැමිණෙන තෙක් පසිඳුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම පමා කිරීමට ඥාතීන් තීරණය කර තිබුණි.

ඒ අනුව ඔහුගේ පියා අද යළි සිය රැකියාව නිමාකර නිවසට පැමිණියේය.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී ඉකුත් 21වනදා රාත්‍රියේදී තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළේය.

එහිදී ඝාතනයට ලක්ව තිබුණේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වී පැමිණෙමින් සිටි 29 හැවිරිදි පසිඳු තාරක හා යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්ය.

Leave a Reply

Your email address will not be published.