ඌරුහොර කෝටියක ගංජා හේනක් වටලයි

තණමල්විල පොලිස් වසමට අයත් කුඩාඔය ඌරුහොර ප්‍රදේශයේදී තණමල්විල පොලිසිය මඟින් සිදුකළ වැටලීමකදී සාර්ථකව වගාකර තිබූ අක්කරයක පමණ ගංජා වගාවක් වටලා ඇත.

පොලසියට ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී ගංජා වගාවේ තිබී ගංජා ගස් 24,500ක් සොයාගෙන ඇති අතර ඒවා කපාකොටා පුළුස්සා විනාශ කර තිබේ. මෙම ගංජා ගස්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වේ.

ගංජා වගාවේ අයිතිකරු ඌරුහොර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ගංජා වගාවේ වාඩිය තුළ සිටියදී ඔහු පොලිස් භාරයටගෙන ඇත.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ උපදෙස් පිට තණමල්විල මූලස්ථාන පො.ප. ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.

සැකකරු සහ ගංජා ගස්වලින් කොටසක් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published.