සිරි දළදා වන්දනාව තෙවන දිනටත් ඇරඹෙයි

‘සිරි දළදා වන්දනාව’ තෙවන දිනටත් අද (20) දහවල් ආරම්භ කෙරිණි.

ඒ අනුව අද පස්වරු 5.00 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත.

අද දිනයේද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

දළදා වන්දනාව සඳහා ප්‍රවේශ මාර්ග තුනක් දළදා මාලිගාව විසින් හඳුන්වා දෙනු ලැබූ අතර ඒ අනුව ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම ආදි ප්‍රවේශ මාර්ග භාවිත කර දළදා මාලිගාවට ඇතුළත් වීමේ හැකියාව පවතී.

මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැවතුන් නගරය අවිදිමත් ලෙස කසළ බැහැර කරමින් නගරය අපවිත නොකරන ලෙස මහා සංඝරත්නය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.