මේ වසරේ ගෙවීගිය මාස 4ක කාලසීමාව තුළ පාතාල වෙඩි තැබීම් 38කින් පුද්ගලයන් 27 දෙනකු ඝාතනයට ලක්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර සහ දකුණු පළාත කේන්දකරගෙන සිදුවී ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ තමාට විරුද්ධවාදී පාතාල කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම මෙම සිදුවීම්වලට හේතු වී ඇති බවද පොලිසිය පවසයි.