පුද්ගලයින් 23 දෙනෙකුට දිවි අහිමි කරමින් කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පරීක්ෂාවට ලක් කළේය.
ඒ, අදාළ බස් රථය රැගෙනවිත් ගාල්කර ඇති කොත්මලේ පොලිස් ස්ථානයේ දී.
එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව අදාළ පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකර තිබේ.
මේ අතර, අනතුරට ලක්වූ බස් රථය කොත්මලේ පොලිසියේදී රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ද ඊයේ (14) ලක්විය.
කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී පසුගිය 11 වනදා සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකුට දිවි අහිමි වූ අතර, තුවාල ලැබූ තවත් පුද්ගලයින් 16 දෙනෙකු පමණ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.
අනතුර සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කෙරුණු අතර, ඊට අමතරව තවත් පාර්ශ්ව කිහිපයකින්ම ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.