ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රිකුණාමලය, කෝකිලායි, චැපල් දූපත සහ බැක් බේ වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අප්‍රේල් මස 21 වැනි දිනසිට 28 වැනි දින දක්වා කළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස විදුලි ආලෝකය භාවිතයෙන් සහ නීති විරෝධි දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයන් 38ක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබේ. ඒ අනුව, වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීම, ශ්‍රී ලංකා නාවික ගෝඨාභය, පැරකුම්බා, විජයබා, නාවික තටාකාංගණය යන ආයතන ධීවර පරීක්ෂක කාර්යාලයන්ගේ ද සහාය ඇතිව කළ මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයන් 38 දෙනා සමඟ නීති විරෝධී දැල් 08ක්, ඩිංගි යාත්‍රා 12ක් සහ විදුලි ආලෝක ධාරා උපකරණ නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මුලතිව්, කින්නියා, ත්‍රිකුණාමලය සහ කෝඩ් බේ යන ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.