මත්පෙති 1800ක් සමග පීඑච්අයි අල්ලයි

මත්පෙති 1800 ක් ලගා තබා ගත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු’ සැකපිට අද (02දා) අත්අඩංගුට ගෙන ඇතැයි ගොඩකවෙල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකිග ඇඹිලිපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි තුසිත කුමාර මහතාගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය විශේෂ වැටලීම් ඒකකය විසින් සිදුකල විමර්ශණයකදීය.

කොස්නාතොට ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ තිබී මෙම මත්පෙති තොගය හමුවී ඇති අතර මීට පෙර අවස්ථාවක ද ‘මෙම නිවසේ තිබි ගංජා පැල තොගයක් හමුවී නඩු පැවරූ බවත් ගොඩකවෙල පොලිසිය ප්‍රකාශකර සිටි.

Leave a Reply

Your email address will not be published.