වැටුප් විෂමතා ගැන ආණ්ඩුව නිදි
ගුරු අධ්‍යාපනඥයෝ 26, 27 ලෙඩ නිවාඩු දමති

ගුරු අධ්‍යාපනඥ සේවයට බලපා ඇති වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය නිහඬ නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට විරෝධය පළ කරමින් සියලු ගුරු අධ්‍යාපනඥයන් මෙම 26 හා 27 දිනවල ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් එස්. එම්. පී. බණ්ඩාර මහතා පවසයි. මෙම වෘත්තීය ගැටලුව ගැන අග්‍රාමාත්‍ය අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය සමග ඉකුත් මස 24 වැනිදා පැවැති සාකච්ඡාවකදී ද එම ගැටලු ගැන සති දෙකක් තුළ ප්‍රගතිය නැවත සාකච්ඡාවකින් දක්වන බවට අගමැතිතුමිය ප්‍රකාශ කර තිබෙන බව එම සංගමය පවසයි. එම සාකච්ඡාවේදී සහන ගැටලු අවධානයට යොමු කර තිබේ.
ගුරු අධ්‍යාපනඥ සේවයට බලපා ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීමට පියවර නොගැනීම.

නිර්බාධ උසස්විම් ක්‍රියාවලියට ගුරු අධ්‍යාපනඥ සේවය ද ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම.

වැටුප් විෂමතාව විසඳන තෙක් අන්තර් කාලීන දිමනාවක් නොදීම.යෝජිත ගුරු විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සකස් කර ඇති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා බලපෑමට ලක්වන පුර්ව සේවා ගුරු අධ්‍යාපනය ලබන ශික්ෂණලාභීන්ට ද අඛණ්ඩ ගුරු සංවර්ධනයට එල්ලවන කවරාකාරයක අහිත කර බලපෑම් වලට ද ගුරු අධ්‍යාපනඥයන්ගේ සම්බන්ධයක් නොමැති බව එම සංගමයේ මාධ්‍ය ලේකම් ඩී. කේ. ජී. විමලරත්න මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published.