වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් අද (09) තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
එම නිවේදනය නිකුත් වන්නේ ඔහු රටවල් 14කට සංශෝධිත සහ වැඩි කළ තීරුබදු සඳහා ලිපි නිකුත් කිරීමෙන් දිනකට පසුවය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර, එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වොෂින්ටනය එක්සත් රාජධානිය, චීනය සමඟ ගිවිසුමකට එළඹ ඇති බවත්, ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ආසන්න බවත්ය.
ට්‍රම්ප්ගේ නවතම තීරුබදු සහ වෙළෙඳ ලිපි වටය පැමිණෙන්නේ, ජනාධිපතිවරයා සහ ඔහුගේ පරිපාලනය විසින් සියලුම එක්සත් ජනපද වෙළෙඳ හවුල්කරුවන් මත බදු වැඩි කිරීමට ගත් තීරණය හේතුවෙන් පවතින මතභේදය මධ්‍යයේය.
කෙසේ වෙතත් ට්‍රම්ප් සඳහන් කර සිටින්නේ 2025 අගෝස්තු 01 වනදා සිට සියලුම රටවල් බදු ගෙවිය යුතු බවත් එම දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්ය.