කොස්ගොඩ වෙඩිල්ල වැරදුණු ඉලක්කයක්

බලපිටිය, කොස්ගොඩ හතරමංහන්දියේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමට අදාළව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.

අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුය.

ඔහු ත්‍රිරෝද රථයෙන් අහුන්ගල්ලේ සිට⁣ කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී, යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙ⁣නෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබුණි.

එහිදී තුවාල ලබා ඇත්තේ කලුදුර නිමුතු අභිෂාන් අභය ද තාබ්‍රෙව් (රන් මහත්තයා) නමැති කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්ය.

තුවාලකරු මේ වනවිට බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩිතැබීම දැනට විදේශගතව සිටින ‘ෂාන් මල්ලි’ යන අය විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් පොලීසිය පවසා සිටියේ, මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ ත්‍රිරෝද රථයේ හිමිකරුවන ‘බාලේ’ නමැත්තා ඉලක්කර බවය.

එහෙත් ප්‍රහාරය එල්ලකරන විට එහි ගමන්කර ඇත්තේ බාලේ නැමැත්තාගේ ඥාති පුත්‍රයෙකු වූ තුවාල ලැබූ නිමුතු අභිෂාන්ය.

මීට වසර දෙකකට පමණ පෙර ද බාලේ නමැත්තා ඉලක්කකර අහුන්ගල්ලේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එදිනද ඔහු ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

Leave a Reply

Your email address will not be published.