හොර නෝට්ටු තිප්පොළක් සමග කාන්තාවක් අත්අඩංගුවට

මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත්ව තිබේ.

ඊයේ (14) සවස් කාලයේ දී මෙම වැටලීම සිදුකර තිබූ අතර, එහිදී රු 5,000 මුදල් නෝට්ටු 10ක් සමඟ මෙම සැකකාරිය අත්අඩංගුවට පත්ව ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 52 හැවිරිදි රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

සැකකාරියගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකාරියගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් හා ව්‍යාජ රුපියල් 5,000/- මුදල් නෝට්ටු 25ක්, රුපියල් 1,000/- නෝට්ටු 08 ක්, රුපියල් 100 නෝට්ටු 0 ක් හා රුපියල් 20 නෝට්ටු 02ක් සොයාගෙන ඇත. 

මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.