කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී දෙමටගොඩ රුවන් නමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
වෙඩික්කරුවන් සහ රාත්‍රී සමාජ ශාලාවේ ආරක්‍ෂක නිලධාරීන් අතර යම් බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී වෙඩික්කරුවන් ඔවුන් පැමිණි යතුරුපැදියද දමා පළා ගොස් තිබෙනවා.
පසුව දෙමටගොඩ රුවන් විසින් තමන් ඝාතනය කිරීමට වෙඩික්කරුවන් රැගෙන ආ ටී 56 වර්ගයේ ගිනි අවිය ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.