පක්ෂ නායකයින්,වෟත්තීය සමිති හා අරගලකරුවන් අතර හමුවක් අද

සර්වපාක්ෂික අරගලකරුවන් කථානායකවරයා හෝ කිසිවෙකු අද දින පාර්ලිමේන්තුව තුළදී හමු නොවන බව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ ලේකම් සමිත් බෝධිපක්ෂ මහතා අප වෙත පැවසීය. ⁣නමුත් දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෟත්තීය සමිති නායකයන් හා ගාලුමුවදොර අරගලකරුවන් අතර සාකච්ඡාවක් අද දින කොළඹ මහඡන පුස්තකාලයේදී පැවැත්වෙන බවත් ඔහු කියා සිටියේය.

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය හා කථානායකවරයා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වීමට සුදානම් බවත් ඒ සදහා සහභාගීවන අරගල කරුවන්ගේ නම් සදහන් ලිපියක් සමාජ මාධ්‍ය යේ හුවමාරුවීමෙහිත් කිසිදු සත්‍යතාවයක් නොමැති බව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින්,

ගරු කථානායකතුමා විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්’ යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් සහිතව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලියවිල්ල අසත්‍ය හා සාවද්‍ය ලියවිල්ලකි.

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ සභාපති මංජුල සමරසේකර සහ ලේකම් සමිත් බෝධිපක්ෂ යන අයගේ නම් ද අදාළ ලැයිස්තුවේ සඳහන් වන අතර, එවැනි ලියවිල්ලක් පිළිබඳ අප සංවිධානය කිසිසේත් දැනුවත් නොවන බවත්, කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් එවැනි රැස්වීමක් සම්බන්ධයෙන් අපගෙන් කිසිදු විමසීමක් සිදු කර නොමැති බවත් අවධාරණය කරමු.

එමෙන්ම ගෝල්ෆේස් අරගල භූමිය විසින් ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ මත මෙවැනි සාකච්ඡා සඳහා එළඹීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට එළඹීම සම්බන්ධයෙන් අපගේ ස්ථාවරයන්ට එළඹෙන අතර, මෙවැනි වංචනික සහ අසත්‍ය ප්‍රකාශන සහ ලියවිලිවලට හසුනොවන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.

Leave a Reply

Your email address will not be published.