බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රේමසිරි රත්නායක එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ .
සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම සහ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබේ .
බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ද මේ බව සඳහන් කර තිබේ .
ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයට පත්වූයේ 2024 වසරේ ජනවාරි මාසයේදීය.
වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබේ.


