ඉන්දියාවේ ජල ගැලීම්වලින් 100කට අධික පිරිසක් අතුරුදන්

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී තිබේ.

හානියට පත් ධරාලි ගම්මානයේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන්වූ අතර, සුන්බුන් අතර සිරවූ පිරිස් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතී.

මෙම අනතුරින් එහි පිහිටි හමුදා කඳවුරක් ද වැනසී ඇති අතර, එහි සිටි හමුදා නිලධාරීන් නව දෙනෙක් ද අතුරුදන් පිරිස අතරට අයත්ය.

ඊයේ (05) ධරාලි ගම්මානයට දැවැන්ත ජල ප්‍රහාරයක් ගලා ඒමෙන් පසු උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ ගමන් මාර්ග සහ ගොඩනැගිලි ජලයෙන් යට වී ඇත.

අධික වර්ෂාපතනය හේතුවෙන් හානි වූ මාර්ග සහ දිස්ත්‍රික්ක වෙත නිලධාරීන්ට ප්‍රදේශය වීමට නොහැකි වී තිබේ.

පසුගිය සති කිහිපය තුළ හිමාලයානු ප්‍රාන්තයේ උත්තරාකන්ඩ් අධික වර්ෂාව ඇද හැලෙමින් පවතී.

ධරාලි ගම්මානය පිහිටා ඇති උත්තර්කාෂි නගරය විශේෂයෙන් බලපෑමට ලක්ව ඇති අතර, බොහෝ ස්ථානවල ගංවතුර වාර්තා වී ඇත.

ඉදිරි දින කිහිපය තුළ ද කලාපයේ අධික වර්ෂාපතනයක් ඇති වනු ඇතැයි ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.