දියේ ගිලී සිසුන් දෙදෙනෙකු අතුරුදන්

පයාගල වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට පයාගල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

අතුරුදන් වූ සිසුන් දෙදෙනා 15 හැවිරිදි වියේ පසුවන ගල්පාත සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම සිසුන් දෙදෙනා උපකාරක පන්ති යන බවට දෙමාපියන්ට පවසා මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත. 

අතුරුදන් වූ සිසුන් සොයා පයාගල පොලිසිය මෙහෙයුම් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.