රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද(27 ) අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුවන් මගීන් කොළඹ , අවිස්සාවේල්ල සහ මට්ටක්කුලිය ප්‍රදේශ වල පදිංච් අවුරුදු 24,28 සහ 30 වයස් වල පසුවන්නන් වේ.
ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 15 ක් තුළ , මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 300,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,503 ක් අත් අඩංගුවට ගෙන තිබුණි.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති.


