රුසියානු ජෙට් යානා එස්තෝනියා ගුවන් කලාපයට බලෙන් රිංගලා

රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කරයි.

එස්තෝනියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් සිය අවසරයකින් තොරව මිනිත්තු 12ක් පමණ තම ගුවන් සීමාවේ රැඳී සිට ෆින්ලන්ත බොක්ක හරහා ගමන්කළ බවය.

මෙය ‘නිර්ලජ්ජිත’ ක්‍රියාවක් බවත්, තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම දැඩිව හෙළා දකින බවත් එස්තෝනියාව පවසයි.

ඒ අනුව රුසියානු ජෙට් යානා තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එස්තෝනියාව නේටෝ සාමාජිකයින්ගෙන් උපදෙස් පතා ඇත.

කෙසේ වෙතත් රුසියානු ජෙට් යානා පැමිණීමත් සමග තම හමුදා සන්ධානය වහාම ප්‍රතිචාර දැක්වූ බවද එස්තෝනියාව පවසයි.

කෙසේ වෙතත් රුසියාව එස්තෝනියානු ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

Leave a Reply

Your email address will not be published.