මන්නාරම සුළං විදුලි බලාගාරය ඉල්ලා ප්‍රදේශවාසීන් විරෝධතා‍වයේ

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් සහ එයින් ජනතාව වෙත ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කරමින් අද (02) උදෑසන මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී ප්‍රදේශවාසීන් පිරිසක් සාමකාමි විරෝධතාවයක් පැවැත්වූ බවට වාර්ථා වේ. එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ඉල්ලීම් ඇතුලත් ලිපියක්ද මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදී ඇත.
සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් නතර කරන ලෙස ඉල්ලා විරෝධතාවයන් පැවැත්වෙන අවස්ථාවකදී මෙසේ තවත් ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ මෙම ව්‍යාපෘති සිදුකරන මෙන් මෙහිදී ඉල්ලා ඇති අතර, මෙම අවස්ථාවේදී දෙපාර්ශවය අතර සුළු ගැටුමක් ඇති වී ඇත. පසුව පොලීසිය විසින් එය සමථයකට පත්කර කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘති සිදු කරන ලෙස ඉල්ලා මන්නාරම නගරය පුරා පෝස්ටර් අලවා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.