දියණියන් දෙදෙනා කෙලෙසූ සිල්වත් වෙස් ගත් නරුම පියා

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ අඔගස්දෝව පොලිස් බල ප්‍රදේශයේ තම දියණියන් දෙදෙනා හට දිගු කලක් තිස්සේ ලිංගික අතවරයට ලක්කල විශ්‍රාමික අබාධිත යුධ හමුදා සෙබලෙක් අඔගස්දෝව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගත් ආබාධිත යුධ හමුදා සෙබලා පනස් හතර වන වියේ පසුවන අතර අතවරයට ලක් වූ තරුණියන් දෙදෙනා මේ වන විට වයස අවුරුදු විසි තුනේ හා විසි නවයේ යන වයස් වල පසුවෙති.

මීට පෙර ඔවුන් මාතලේ කයිකාවල ප්‍ර-දේශයේ පදිංචිව සිට ඇති අතර පසුව 2019 වර්-ෂයේ දී අඔගස්දෝව පොලිස් බල ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ. තම පියාගෙන් සිදුවන ලිංගික අතවර දරා ගැනීමට නොහැකි වූ දියණියන් අඔගස්දෝව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් අබේසේකර මහතා හමු වූ සිද්ධිය පිළිබදව දැනුම් දීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණ ආරම්භව ඇත.

වයස අවුරුදු විසිතුනේ පසු වන බාල දියණිය අදාල සැකකරු විසින් මුලින්ම 2015 වර්ෂයේ දී දූෂණයට ලක්කර ඇතැයි පොලිස් පරීක්ෂණ වල දී හෙළිව ඇති අතර මල්වර වී සති කිහිපයකින් සැකකරු විසින් දුෂණයට ලක්කර ඇති අතර තමන් ඇය මල්වර වන තෙක් ඇගිලි ගනිමින් පසු වූ බව සැකකරු පැවසූ බව තරුණියන් පොලීසියට ප්‍රකාශ කර තිබේ.වයස විසිනවයේ තරුණිය සැකකරු විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පොලිස් පරීක්ෂණ වල දී හෙලිව තිබේ.

සැකකරුගේ බිරිදි හා පවුලේ සැම මේ සිද්ධි පිළිබදව හෙළිකල හොත් වෙඩි තබා මරා දමන බවට බිය වද්දා මෙම අපරාධය සැකකරු විසින් සිදු කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණ වල දී හෙළි වී ඇති අතර විවාහ වූවත් තම දියණියන් දෙදෙනා තමන් සමග අබු සැමියන් ලෙස සිටිය යුතු බවට තර්ජනය කර ඇති සැකකරු වැඩි මහල් දියණියට ආ විවාහ යෝජනාවක් ද බිද දමා ඇතැයි අදාල තරුණියන් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

සැකකරු තම දියණියන් හට මෙම අපරාධ සිය නිවස තුල සිදු කරන අතර තුර ප්‍රදේශයේ සමාජ සේවකයෙකු හා සිල්වත පුද්ගලයෙකු ලෙස පෙනී සිට ඇතැයි පොලීසිය සදහන් කරයි. තවද අපරාධයට ලක් වූ තරුණියන් තම පියා තමන් හට සිදු කරන ලිංගික අපරාධ වීඩියෝ කර මේ වන විට පරීක්ෂන සදහා පොලීසියට ලබා දී තිබේ. අදාල තරුණියන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය පිළිබදව අඔගස්දෝව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

Leave a Reply

Your email address will not be published.