දකුණු පළාතට මත්ද්‍රව්‍ය බෙදූ 07ක් අත්අඩංගුවට

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට හෑෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරී සැකකරුවන් 07 දෙනෙකු මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.

හබරාදූව හා බද්දේගම ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ වේ.

ධීවර රැකියාවේ නිරතවන මුවාවෙන් ඔවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම රුවන්ගේ ගෝලයෙකු වන මිදිගම රනා ඇතුළු හත් දෙනෙක්ය.

Leave a Reply

Your email address will not be published.