ඉන්දියාවේ රෝහලක ගින්නක් – 8ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අට දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.