යාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව ඇති අතර, එම ස්ථානයේ තිබී වයර් රෝලයක්ද හමුව ඇත.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය කෝපායි පොලිසියට දැනුම්වත් කර තිබේ.

කෝපායි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.