ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර භාර දී තිබේ.
කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින් මහත්මිය, නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩී බෝයර් මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් මහතා මෙලෙස අක්තපත්‍ර භාර දී ඇත.
එමෙන්ම ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති ඇබ්ඩනෝර් හොලිෆි , අයිස්ලන්ත ජනරජයේ තානාපති බෙනඩික්ට් හස්කුල්ඩ්සන් යන මහත්වරුන් ද මෙලෙම අක්තපත්‍ර භාර දී තිබේ.
මෙම පිරිස වෙත උණුසුම් සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙසට ද ආරාධනා කළේය.


