ජපානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි චීනය සිය පුරවැසියන්ට දැනුම්දෙයි

ජපානයේ සංචාරයේ කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය, සිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.

ජපාන අග්‍රාමාත්‍ය සනඑ තකඉචි විසින් සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කිරීමක් ලෙස චීන රජය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීනය විසින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිය හමුදා හරහා ඊට ප්‍රතිචාර දක්වන බව ජපාන අග්‍රාමාත්‍යවරිය පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශය මුල් කරගනිමින් චීනය හා ජපානය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති අතර අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයට විරෝධය පළ කිරීම සඳහා චීනයේ ජපාන තානාපතිවරයාට ද කැඳවීමක් සිදුකර ඇති බව සඳහන් වේ.

දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් විසින් ද එකිනෙකා වෙත මේ සම්බන්ධයෙන් ප්‍රබල විරෝධතා එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.