රෙහාන් ජයවික්‍රම සජබයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගය වැලිගම ආසන සංවිධායක මෙන්ම වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත. 

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඔහු පවසා ඇත්තේ, පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවය.

මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘභූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දීර්ඝ කාලීන අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයත් පසෙකලා ගනු ලැබූ තීරණයක් බවත් ජයවික්‍රම මහතා සිය ලිපියෙන් අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published.