ආපදාවෙන් බලපෑමට ලක්වූ කර්මාන්ත 13,000 ඉක්මවයි

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ කර්මාන්ත සම්බන්ධව කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය වෙත මේ වන විට ව්‍යාපාර 13,698ක දත්ත ප්‍රමාණයක් ලැබී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ආපදාවට පත් ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 5,639ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4,636ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,986ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 437ක තොරතුරු මේ වන විට ආපදා සහාය මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවය.

මේ අතර ආපාදවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීම සඳහා 0712666660 යන දුරකථන අංකය මේ වන විට අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති අතර ඒ අනුව ආපදාවට පත් කර්මාන්ත සම්බන්ධව හැකි ඉක්මනින් තොරතුරු ලබා දෙන ලෙසද අමාත්‍යාංශය කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

ඒ අනුව මෙම තොරතුරු එළැඹෙන 16 වැනි දින පස්වරු 2ට පෙර ලබාදීම සිදුකළ යුතු බවත් ඒ සම්බන්ධව තොරතුරු ඇතුළත් කිරීම සඳහා  www.industry.gov.lk වෙත පිවිස සිදුකළ හැකි බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය සහය අදාළ ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාල මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන්ද ලබා ගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව  සංවර්ධන  අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකියි.

Leave a Reply

Your email address will not be published.