දිල්ලියේ වායු දූෂණය නවත්වන්න නව නීති මාලාවක්

දිල්ලියේ වායු දූෂණය මැඩපැවැත්වීම සඳහා නව නීති මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව වලංගු වායු දූෂණ පාලන සහතිකයක් නොමැති වාහන සඳහා දිල්ලි නගරයට ඇතුලුවීම සීමාකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මීට අමතරව වලංගු වායු දූෂණ පාලන සහතිකයක් නොමැති වාහන සඳහා ඉන්ධන ලබාදීම තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන් වේ.

දිල්ලි නගරයේ වායු ගුණාත්මක දර්ශකය අයහපත් මට්ටමකට ළඟා වී ඇති බැවින් මෙම ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සිදුව ඇති බව එරට බලධාරීන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.