දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසගත ආදායමක් උපයයි

2025 වසර සඳහා රජය විසින් ලබාදුන් රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය සපුරාලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ එය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.