බෝම්බ බිය ගැන පොලීසියෙන් නිවේදනයක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි මෙහෙයුම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇතැයි පණිවිඩයක් ලැබී ඇති බවය.

ඒ අනුව මහනුවර පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් ඒ සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයද කැඳවා සෝදිසි මෙහෙයුමක් පොලීසිය විසින් සිදුකර තිබේ.

කෙසේ නමුත් අදාළ සෝදිසි මෙහෙයුමේදී මෙතෙක් කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමුවී නොමැති බවත් මෙම සඳහන් කළ පොලීසිය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධව සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. 

Leave a Reply

Your email address will not be published.