පසුගිය වසර තුළ (2025 දී) රාජ්‍ය නිලධාරීන් හැත්තෑහය දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත් නිලධාරින් අතර බහුතර පිරිසක් පොලිස් නිලධාරින් වන අතර එම සංඛ්‍යාව විසිහතරකි.
පසුගිය වසරේ වැටලීම් එකසිය දහනවයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම වසරේ මාස එකොළහක් තුළ දී දූෂණ හා වංචා හේතුවෙන් දේශපාලනඥයන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ එම වසරේ මාස එකොළහකදී ලැබී ඇති පැමිණිලි ගණන හත්දහස් අටසිය එකොළහක් බවයි.


