දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර බලපෑමට ලක්වූ සේරුනුවර මාවිල්ආරු කැඩුණු බැම්මේ ඛාදනයට ලක් වූ ස්ථානයක තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටර් උණ්ඩයක් අද (28) සොයා ගත් බව සේරුනුවර පොලිසිය කියයි.
දැනට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මෙම මෝටර් උණ්ඩය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු යොදා තිබේ. යුධ ගැටුම් සමයේ මාවිල් ආරු අමුණ මුදා ගැනීමට සටන් පවතින අවස්ථාවක මෙම මෝටර් උණ්ඩය වැටෙන්නට ඇති බව පොලිසිය සැක කරයි.


