දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබී පිස්තෝල අවියක් සහ පතොරොම් තුනක් සොයාගෙන තිබේ.
ලද තොරතුරක් මත ඊයේ (05) පස්වරුවේ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී මෙම පිස්තෝලය සොයාගත් බව පොලීසිය නිවේදන කරයි.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


