අධික වේගයෙන් ධාවනයවු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක්

හැටන් සිට දංකොටුව දක්වා අදික වෙගයෙන් ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් වූ බෝක්කුවක් මතට පෙරලිමෙන් ඒම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය  රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන්ගේ තත්වය බරපතල නිසා තුවාලකරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පෙලිසි පරික්ෂක චන්දන ගමගේ මහකා පැවසීය.

(21) දින අලුයම 2;00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසන්නයේදිය.

හැටන් සිට දංකොටුව දක්වා ධාවනය වු ලරි රථයට ප්‍රතිවිරුද්ද දිශාවෙන් තම ලොරිය දෙසට ධාවනය වු ලොරි රථයක ගැටී සිදු වීමට ගිය අනතුරක් වලක්වා ගැනීමට උත්සහ කිරිමෙදි තම ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වූ බව ඒම ලොරි රථයෙ රියදුරු පැවසූ බවද පොලිස් ස්ථනාධිපතිවරයා පවසීය.

අනතුරට පත් ලොරි රථයේ රියදුරා ලොරි රථය තුල සිටියදි වටවල පෙලිසියේ  නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා රියදුරු ඉවතට ගෙන රොහ්ල ගත කර ඇත.

මේ අතර, කොළඹ සිට නුවරඒලිය දක්වා ධාවනය වූ ලංගම බස් රථය ගමන් ගත් මගියෙකු අනතුර නැරඹීමට බස් රථයෙ රිදුරුරා විසින් නතර කල අවස්ථවේ ඒම බස් රථයේ මගියෙකුද අනතුර ලා අපසු ඒම බස් රථයට ගොඩ විමට උත්සහ කිරිමෙදි බස් රථයේ  ඉදිරිපස රෝදයට පාදය යට වී බරපතල ලෙස තුවාල ලබා ඒම මගියාද නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව වටවල පොලිසියේ රථවාහන අංශයේ නිළධරින් පැවසිය.

අනතුරු දෙක සම්බන්ධයෙන් වටවල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වයි.

හැටන් රංජිත් රාජපක්ෂ  

Leave a Reply

Your email address will not be published.