ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඉදිකළ සුභසාධන වෙලදසැලේ වැඩකටයුතු අරභයි

 බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඉදිකළ සුභසාධන වෙලදසැල සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව අනුමත සැලැස්මකට අනුව ඉදිකිරීමේ කටයුතු අද (22) ආරම්භ කරනු ලැබීය.

             ඉකුත් 20 අභියාචනාධිකරණය තීන්දු කළේ වෙළෙදසැල අනුමත සැලැස්මට අනුව ඉදිකිරීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සමග එකඟතාවයක් ඇති කරගන්නා ලෙසයි.අභියාචනාධිකරණ තීන්දුව අනුව අනවසර ඉදිකිරීම් සියල්ලක්ම කඩා ඉවත් කිරීමෙන් පසු අනුමත සැලැස්මට අනුව එම ඉදිකිරීම් ආරම්භ කිරීම විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන්ගේ අධීක්ෂණය අනුව මේ වන විට සිදුවෙමින් පවතී.  අභියාචනාධික කරන තීන්දුව ප්‍රකාරව ඊළඟ වැඩිදුර විභාගය ලබන අප්‍රෙල් 28 වෙනිදාට කල්තබා තිබේ. 

ත්‍රීකුණාමලය අමදෝරු අමරජීව

Leave a Reply

Your email address will not be published.