නුවරඑලිය ප්‍රදේශයට පැමිණ සංචාරකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ තරුණයන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරිමේ ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් නුවරඑලිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (23) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
MY BUSINESS නමින් WHATSAPP සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන් හදුනාගෙන පසුව ඔවුන්ගෙන් මුදල් EZY CASH ක්‍රමයට ලබා ගෙන එයට අදාළ මත්ද්‍රව්‍ය ස්ථාන ගත කර ඒ බව ගැණුම්කරුට දැනුම් දීම එම කාන්තාව විසින් සිදු කරනු ලබයි.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදෙරු මවක් වන සැකකාර කාන්තාව කාලයක් තිස්සේ නුවරඑලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත එම සැකකාරිණියගේ දුරකථන විශ්ලේෂණ අනුව විමර්ෂණ ආරම්භ කල නුවරඑලිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් (23) දින සැකකාර කාන්තාව බස්රථයකින් නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදි නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ රදැල්ල මංසන්දියේදි සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඇය සන්තකයේ ඇසුරුම් කරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 48ක් තිබි සොයා ගත් බවත්, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රු.4000-5000ත් අතර මිලකට අලෙවි කරන බවට කරන ලද විමර්ෂනවලදී අනාවරණය වූ බවයි නුවරඑලිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත (24) දින ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ෂණ සිදු කරන බවයි එම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරින් කියා සිටියේ.


