හොර රහසේ පවත්වාගෙන ගිය වැලි ගබඩාව අල්ලයි

භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කින්නියා පොලිස් වසමේ කිරාන් ප්‍රදේශයේ මහවැලි ගංඟා නිම්නයෙන් ගොඩ දැමූ මහා පරිමාණයේ වැලි ගබඩාවක් ඊයේ (24) පස්වරුවේ වැටලු ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එහි තිබූ වැලි කියූබ් 780 ක් අත්අඩංගුවට ගනු ලැබූහ.

                 පොලිසියට ලද තොරතුරක් අනුව ත්‍රිකුණාමලය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්.යූ.මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.වයි. අරුණ සාමාන්ත චන්ද්‍රපාල මහතාගේ අධීක්ෂණ යටතේ පොලිස් අධිකාරි ජේ.එල්.අජිත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කළහ.

                  මෙම නීති විරෝධී වැලි ගබඩාව පවත්වාගෙන ගිය කින්නියා, කුරුඤ්ඤංකේනි පදිංචි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන අවසාන වන තැන් එම වැලි ගබඩාවට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.පොලිස් පරීක්ෂක අමිල ගුණසේන (63392) සැරයන් ප්‍රදීප් කොස්තාපල්වරුන් වන (59430) මීපාගල (87340) අමරසේකර (91157) මධුසංක (93506) බවීදාස් (97051) පසිඳු (100803) රජිකරන් (101318) උදාර (96548) ගුණරත්න යන නිලධාරීන්ද නිලධාරින්ද මෙම වැටලීමට එක් වූහ.සැකකරු ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ නීති විරෝධී වැලි ගබඩාව සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය දැනුවත් කිරීමටද පොලිසිය කටයුතු යොදා ඇත .

Leave a Reply

Your email address will not be published.